Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



බැණුම් අහන අයට විසඳුමක් | Welimada Saddaseela Thero

#SaddaseelaThero #ShraddhaTV කවුරුත් පාහේ කැමති තමන් ගැන අනිත් අය වර්ණනා කරනවාට. තමන්ගෙ හොඳ කියනවාට. නමුත් එහෙම වෙන්නේ නෑ. කාගෙන් හරි බැණුම් අහන්ටත් වෙනවා. අන්න එතකොට එයා හිතෙන් කඩා වැටනවා. 'අසවලා මට බැන්නා' කියලා. ඊට පස්සේ පුළුවන්නම් එයත් බණිනවා, නැත්තම් ගහනවා, එක්කො එතැනින් වෙන තැනකට යනවා. 'එහේ හරියට බණිනවා' කියලා. චිත්ත දියුණුවක් නැති, පටු සිතෙන් යුතු කෙනා මේ විදිහටයි බැණුම් වලට ප්‍රතිචාර දක්වන්නේ. නමුත් චිත්ත දියුණුවට කැමති, පිරිසිදු සිතකින් වාසය කරන්න කැමති කෙනා ඒ විදිහේ ප්‍රතිචාර දක්වන්නේ නෑ. ඔහු ඉවසනවා. නමුත් ඉවසීම පුරුදු කරගැනීම හරි අමාරුයි. ඉතින් ඒ සඳහා උතුම් ප්‍රතිපදාවක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි පුණ්ණ ප්‍රතිපදාව. මෙකල යමෙකුට ඒ පුණ්ණ ප්‍රතිපදාව පුරුදු කරගන්න පුළුවන්නම් ඒක මහා අසිරිමත් දෙයක්.   ඒ නිසා ඉවසීම පුරුදු කරනු කැමත්තෝ පුණ්ණ ප්‍රතිපදාව ඉගෙන ගනිත්වා! මතක තබා ගනිත්වා! පුණ්ණ ප්‍රතිපදාව පුහුණු කරත්වා! “පින්වත් පුණ්ණ, ඔය සුනාපරන්තයේ මිනිස්සු ප්‍රචණ්ඩයි. පින්වත් පුණ්ණ, ඔය සුනාපරන්තයේ මිනිස්සු ඵරුෂයි. පින්වත් පුණ්ණ, ඔය සුනාපරන්තයේ මිනිස්සු ඔබට ආක්‍රෝශ කරාවි, පරිභව කරාවි, එතකොට පුණ්ණ, ඔබට කුමක් හිතේවිද?” “ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට ආක්‍රෝශ කළෝතින්, පරිභව කළෝතින්, ඒ ගැන මම මේ විදිහටයි හිතන්නේ. යම් කරුණකින් මේ උදවිය මට අතින් පයින් පහර නොදෙත් ද, සැබැවින් ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නොවැ. සැබැවින් ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත් ම යහපත් නොවැ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”                                                                     (සංයුක්ත නිකාය - සළායතන වර්ගය - පුණ්ණ සූත්‍රය )     **කියවන්න----- පුණ්ණ සූත්‍රය - (https://mahamevnawa.lk/sutta/sn4_1-9-5/) Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well. You also can contribute for this meritorious deed of gifting dhamma. Bank: Sampath Bank, Kaduwela Branch. Account Name: "Shraddha Media Network" Account No: 016 2 100 00 910 Tel:+94 112 571 471, Fax +94 112 54 84 00 [email protected] / www.shraddha.lk ශ්‍රද්ධා YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට YouTube Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න. Since Shraddha TV has obtained the copyright to YouTube channel's videos Please note that re-uploading them on YouTube gives you ''YouTube Copyright Strikes''. Shraddha Media Network - All Rights Reserved

Comments