У нас вы можете посмотреть бесплатно ගර්භණී සමය සහ මුඛ සෞඛ්‍යය | Oral health during Pregnancy | health tips | Happy Family SL или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Hi friends Welcome to our YouTube channel Happy Family SL / @happyfamilysl9481 Pregnancy and oral health ගර්භණී සමයේදී හෝමෝන වෙනස්කම් නිසා විදුරුමස් වඩාත් පහසුවෙන් ඉදිමීමට සහ වේදනාවට පත් වෙන්න පුළුවන්. එම නිසා ගර්භණී ඔබේ මුඛ සෞඛ්‍යය රැක ගැනීමේ වැදගත්කම ගැන අද අපි කියලා දෙන්නම්… ගැබ් ගැනීමට පෙර ගර්භණී කාන්තාවන් තුළ විදුරුමස් (periodontal) රෝගය සහ අඩු උපත් බර සහිත නොමේරූ දරු උපත් අතර ඔප්පු කරන්න පුළුවන් සම්බන්ධයක් ඇති අතර, එමඟින් ඔබේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පවා අවදානමට ලක් වෙන්න පුළුවන්. නොමේරූ දරු උපත් 100කින් 18 ක්ම periodontal disease මගින් ඇති කරවන බව පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා. එම නිසා ගර්භණී වීමට කලින් සිට පවා ඔබ දත් සහ විදුරුමත් හොඳින් පිරිසිදුව පවත්වාගෙන යාම වැදගත් කාරණයක්. කුඩා, මෘදු දත් බුරුසුවක් සහ ෆ්ලෝරයිඩ් දන්තාලේපයකින් දිනකට දෙවරක් විදුරුමස් රේඛාව ඔස්සේ දත් මදින්න. ඔබ ගැබ් ගැනීමට පෙර ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවීම ද හොඳ අදහසක්. ගර්භණී වීමට පෙර දන්ත ප්‍රතිකාර ලබා ගැනීම මගින් ඔබේ දත් සහ විදුරුමස් නිරෝගීව තබා ගැනීමටත් නොමේරූ දරු උපත් අවදානම අවම කර ගැනීමටත් හැකි වෙනවා. ඔබට දත් සම්බන්ධයෙන් ලබා ගත යුතු ප්‍රතිකාර තිබෙනවානම් (උදා – කැක්කුම් දෙන දත්, පිරවිය යුතු දත්) ගර්භණී වීමට පෙර කාලයේදී ඒ ප්‍රතිකාර ලබා ගැනීම වඩා සුදුසුයි. මොකද ගර්භණී සමයේදී මේ වැඩකටයුතු සඳහා ඔබට ශක්තියක් නැති වෙන්නට ඉඩ තියනවා. දන්ත ප්‍රතිකාර ඔබ ගර්භණීව සිටියදී ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවීම වැදගත් සහ ආරක්ෂිතයි. මොකද ඔබේ දන්ත සෞඛ්‍යය ඔබේ සමස්ත සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කරන අතර එය ඔබේ දරුවාගේ සෞඛ්‍යයට ද විශාල බලපෑමක් ඇති කරවනවා. එබැවින් ඔබේ ගර්භණී කාලය පුරාම හොඳ දන්ත සෞඛ්‍ය පුරුද්දක් පවත්වා ගැනීම වැදගත්. බොහෝ දන්ත ප්‍රතිකාර ගර්භණී සමයේදී ආරක්ෂිතයි. පුළුවන් නම් ගර්භණී සමයේදී Dental x-ray වලින් වළකින්න. ඔබේ දන්ත වෛද්‍යවරයා ඔබට Dental x-ray ලබා ගැනීම අත්‍යවශ්‍යයි කියලා කියනවා නම්, විශේෂ සැලකිල්ලක් සහ ආරක්ෂාවක් සහිතව ඒවා ලබා ගන්න. ඔබේ දත් බලා ගැනීම ගර්භණී සමයේදී හොඳ දන්ත සෞඛ්‍යාරක්ෂාවක් වඩා වැදගත් වෙනවා. දත්වල මැලියම් බැඳීම වළක්වා ගැනීම සඳහා දිනකට දෙවරක් ඔබේ දත් සහ විදුරුමස් හොඳින් පිරිසිදු කරන්න. උදේ ආහාර ගත්තට පස්සේ උදේට දත් මදින්න. නින්දට යාමට පෙර රාත්‍රියේ දී අන්තිමට මදින්න. දවසකට හෝ දෙකකට වරක් දත් ෆ්ලොස් කිරීමත් කරන්න පුළුවන්. සමහර ගර්භණී කාන්තාවන් දත් මදිනකොට හුස්ම හිරවීම සහ ඔක්කාරය වැනි අපහසුවක් අත් විඳින්න පුළුවන්. දත් මැදීම මඟින් ඔබට අපහසුවක් දැනෙනවා නම් ළමුන් සඳහා නිර්මාණය කර ඇති කුඩා දත් බුරුසුවක් භාවිතා කරන්න උත්සාහ කරන්න. ඔබේ පිටුපස දත් පිරිසිදු කරනකොට ඔබේ හුස්ම ගැන අවධානය යොමු කරන්න. ගර්භණී සමයේදී නිරෝගී දත් සහ විදුරුමස් සඳහා ඔබ කළ යුතු දේ සීනි සහිත බීම වලින් වළකින්න. විවිධාකාර සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්න. කිරි සහ කිරි නිෂ්පාදන වගේ කැල්සියම් බහුල ආහාර ප්‍රමාණවත් ලෙස අනුභව කරන්න. ඔබේ දරුවාගේ දත් සහ අස්ථි සඳහා කැල්සියම් ඉතා වැදගත් වෙනවා. ආහාර රුචිය හා උදෑසන අසනීප සමඟ කටයුතු කිරීම ගර්භණී වුණාට පස්සේ ඔබට මෝනිං සික්නස්, වමනය හෝ අජීර්ණ ඇති වෙන්න පුළුවන්. මෙම තත්ත්වයන් නිසා ඔබට ආමාශයේ ඇති ආම්ලික ද්‍රව්‍යයන් වමනය වැනි ආකාරවලින් පිටවී දත්වල තැවරෙන්නට පුළුවන්. එය දත් වලට හානි දායක තත්ත්වයක්. එනිසා එවැනි තත්ත්වයකින් පසුව අවම වශයෙන් විනාඩි 30 ක් වත් යනකම් ඔබේ දත් මදින්න එපා. වමනය කිරීමෙන් පසුව ඔබේ මුඛය වතුරෙන් හොඳින් කලතමින් සෝදන්න. විනාඩි 30ක් ගත වුණාට පස්සේ ඔබට දත් මදින්න පුළුවන්. ඔබේ දත් වලට බලපාන ආහාර පිළිබඳව කතා කරද්දී සීනි සහිත හෝ ආම්ලික ගතිය වැඩි කරවන ස්නැක්ස් සහ බීම වර්ග (දොඩම් හෝ වෙනත් පළතුරු යුෂ වැනි) සඳහා ඔබට ආසාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා දත් දිරායාමේ අවදානම වැඩි කරවනවා. ඔබේ දත් මත මෙම බලපෑම් ඇති වීම වළක්වා ගැනීමට සීනි, මේදය හා ලුණු අඩු සහ ඉහළ තන්තු සහිත කෑම වර්ග තෝර ගන්න. පිරිසිදු ජලය හොඳින් පානය කරන්න වගේම ආහාර වේල් අතරතුරදී ජලයෙන් ඔබේ මුඛය සෝදන්නත් පුරුදු වෙන්න. #oralhealth #pregnancy #perents Music: A New Beginning Musician: Agnese Valmaggia Site: https://filmmusic.io/song/6510-a-new-... License: https://creativecommons.org/licenses/...