Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб රුපියල් 20,000 කින් ලක්ෂ දෙකක් ඉපයූ සූර ගොවියා в хорошем качестве

රුපියල් 20,000 කින් ලක්ෂ දෙකක් ඉපයූ සූර ගොවියා 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



රුපියල් 20,000 කින් ලක්ෂ දෙකක් ඉපයූ සූර ගොවියා

මීට ටික කලකට කලින් අපි කහටගස්දිගිලියට ගියේ මහපොතාන ප්‍රදේශයෙ ඉන්න ආර්ථික අපහසුකම් තියන පව්ලක පුංචි පුතාල තුන්දෙනෙකුට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදෙන්න. ඒ ගමනෙදි තමයි අපට මේ ලක්ෂ්මන් ගොවි මහත්මයා මුණ ගැහුනෙ. ගේ වටේටම තිබුන ඉඩකඩේ කව්පි බඩ ඉරිඟු, මුං, මෑ, බණ්ඩක්ක, වට්ටක්ක, ආදිය වවල තිබුණ. ඒ වගේම තව බොහෝ ප්‍රදේශයක් වවන්නෙ නැතුවත් තිබුණ. වවල තිබුන බෝගවල සරුසාර බව දැක්කම මට හිතුනෙ මේ වගේ හිස් ඉඩම් තියාගෙන වවන්නේ නැත්තෙ ඇයි කියල. මොකද මේ දවස්වල කව්පි, මුංඇට විතරක් වැව්වත් මනුස්සයෙකුට ගොඩ යන්න පුළුවන් තරම් ම ඒවා ගණන් නිසා. ඉතින් මම ඒ ප්‍රශ්නය ඔහුගෙන් ඇහුවා. ඒකට ලැබුනෙ මෙන්න මේ වගේ පිළිතුරක්. මහත්තයෝ මේ අක්කරේ කව්පි වවන්න මගේ ශ්‍රමය අත හැරියත් තව රු. 30000 ක් විතර යනව. ඔය රුපියල් 30000 බැංකු ණයක් විදියට, අරගෙන අපි මේ වැඩේ කරනව කියල හිතමුකො. මොනව හරි හේතුවකින් වගාව පාළු වුණොත් හරි, නැත්තං අස්වැන්න විකුණගන්න බැරි වුනොත් හරි අපි අන්ත අසරණ වෙනව. එතකොට මේ ණය ගෙවා ගන්න අපිට වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඉතින් ඔය අවදානම ගන්න බැරි නිසා තමයි අපි මේ ඉඩම් වගා කරන්නෙ නැතුව මෙහෙම තියන්නෙ. මේකට යට කරන්න මුදල් අතේ තිබුණ නම් අපි මේ ඉඩම් මෙහෙම තියන්නේ නෑ. මේක වැසි ජලයෙන් වවන්නත් පුළුවන් නැත්නම් මට වගා ළිදකුත් තියෙනවා. මාස දෙකහමාරකින් තුනකින් කවුපි අස්වැන්න ගන්නත් පුළුවන්. හොඳට හරියනව කියන විශ්වාසය අපට තියෙනව. තෙල් පෝර මොනවත් නැතුව මේ වැඩේ කරන්න පුළුවන්. තව විස්තර කතා කලාම මට තේරුණා මේ මනුස්සය කියන දේ ඇත්ත කියල. ඔහු කතා කළේ බොහොම අවංකව. "ඒ කියන්නෙ කවුරු හරි රුපියල් විසිදාහක් දෙනවනම් මේ අක්කරේ කව්පි වවන්න පුළුවන් කියන එකද?" ඔහු බොහොම විශ්වාසයෙන් යුතුව ඔව් කියල කිව්ව. "හරි එහෙනම් මම රුපියල් විසිදාහක් දෙන්නම්. හැබැයි ඒක පොලී රහිත ණයක්. අස්වැන්න සරු වුනොත් ඒ රුපියල් විසිදාහ මට ආපහු දෙන්න ඕනි. යම් හේතුවකින් වගාව පාළු වුණොත් ඒ අවදානම මම ගන්නව. එහෙම වුනොත් ඒ සල්ලි මට එපා." "වැඩේ පටන් ගන්න. මම මුදල් කොටස් වශයෙන් දෙන්නම්". ඉතින් අනුරාධපුරේ වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත සහ වෛද්‍ය කිලෝෂිණී හෙන්දාවිතාරණ රුපියල් විසි දහස බැගින් දායක වුණා අක්කර භාගයේ කොටස් දෙකක් වවන්න. ඔහු බොහොම සතුටින් වැඩේට කැමති වුණා. ඉතින් ඔන්න අද ඒ හීනය හැබෑ වෙලා. මේ අත්දැකීම ඔබත් එක්ක බෙදාගන්න හේතුවක් තියෙනව. මේ දවස්වල කව්පි මුං ආදිය පිටරටින් ගේන එක නවත්තල තියෙන්නෙ. රුපියල් දෙසීයට තිබ්බ කවුපි, මුං කිලෝව 650 දක්වා ගියා. ඒත් මට තේරෙන විදියට අපේ රටේ තවම කවුරුත් මේව වවලත් නැහැ. වවන්න සැලසුමකුත් නැහැ. ඉතින් අපි බොහොම සද්දෙට කියනව මේ මොන රටක්ද? අවුරුදු හැත්තෑවක් වෙලත් අපිට තවම අපේ කෑම ටික හදා ගන්න බැරි වුනානෙ කියල. එහෙම කියන අපි මේකෙන් ගොඩ එන්න මොනවද කරල තියෙන්නෙ? අපි හැමදාම කලේ ආණ්ඩු වලට බැන බැන හිටපු එක නේද? ඉතින් ප්‍රශ්නෙ විසඳුනාද? වවන්න ඔබ ගොවියෙක් වෙන්නම ඕන නැහැ. අලුත් විදියට හිතුවොත් ඔෆිස් එකක රාජකාරි කරන ඔබට වුණත් පුළුවන් මේ රටට අවශ්‍ය ආහාර බෝග ටික නිෂ්පාදනය කරන්න. ඇත්ත තමයි. මේ සියල්ලම රජයකින් කළමනාකරණය කළ යුතුයි. ඔවුන් කරන්නෙ නැත්නම් ඔවුන්ට සාප කර කර ඉදල පලක් වෙයිද? අපිට පුළුවන් දේ අපි කලාම ඉවරයි. මේ රට ගොඩ නැගිය හැකියි. ඒ අළුත් විදියට හිතල අලුත් දෙයක් කිරීමෙන් පමණයි" මේ වගේ දුෂ්කර ප්‍රදේශවලට ඔබත් විනෝද චාරිකාවක් හරි යන ගමන් නිකමට වගේ මේ ගොවියො එක්ක කතා කරලා බලන්න. විශ්වාසවන්ත කෙනෙක් හොයාගෙන ඔබත් මේ දේ කරන්න උත්සාහ කරන්න. අමුතු විදියට හිතන, අමුතු වැඩ කරන මිනිස්සු ටිකක් එකතු වුණොත් මේ රට හදන එක කොහෙත්ම අමාරු වෙන්නේ නැහැ. වෛද්‍ය දර්ශණ ප්‍රේමරත්න

Comments