Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб උණ පඳුරක මල් පිපිලා Una Panduraka mal pipila в хорошем качестве

උණ පඳුරක මල් පිපිලා Una Panduraka mal pipila 7 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



උණ පඳුරක මල් පිපිලා Una Panduraka mal pipila

උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි මලක් පිපී පෙති ‍හැලිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි ඇරඹුම අවසන කොතැනද - නොදැනයි මඳ නල දිව යන්නේ // කොතැනක විසිරී යනවද - නොදැනයි මේකුළු පාවෙන්නේ // උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි යා යුතු වෙනතක් නැතිව ද - රළ පෙළ වෙරළට දිව එන්නේ // බැහැ කියන්න බැරි හින්දද - මා හා ඔබ හිනැහී යන්නේ // උණ පඳුරක මල් පිපිලා... පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන තනුව, සංගීතය සහ ගායනය : විජේසිරිවර්ධන පොලොන්නෝවිට K. D. K. පිටුවේ කීප දෙනෙක් මේ ගීතය ගැන දක්වලා තිබුණු විවිධ අරුත් බැලුවම මට හිතුණේ ධර්මවර්ධන “උණ පඳුරක මල් පිපිලා” කියලා මේ ගීතයෙන් කියන්න හදපු අදහස එක පාරටම රසිකයාගේ ඔළුවට එන්නේ නැතුවවත්ද කියලා. විශේෂයෙන්ම උණ පඳුරක මල් පිපීම ප්‍රේමයට උපමා කිරීමෙන් මොන වගේ පෙමක් ගැන ද මේ කතා කරන්නේ කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. ඉතින් අපි ඉස්ඉස්සෙල්ලාම කළේ උණ පඳුරක මල් පිපෙන ක්‍රම ගැන අපේ අන්තර්ජාල දිව්‍යලෝක වාසී සියල්ල දත් කම්පීතර දිව්‍යපුත්‍රයාගෙන් විමසලා බැලීම. එයා කිව්වේ උණ ගස් වල මල් පිපෙන ආකාරය Continuous Flowering ( අඛණ්ඩව මල් පිපෙන), Sporadic Flowering (කඩින් කඩ මල් පිපෙන) සහ Gregarious Flowering (යූථපුෂ්පී හෙවත් සමූහයක් ලෙස එකවර මල් පිපෙන) කියලා වර්ග තුනකට බෙදිය හැකි බව. මින් එක් වර්ගයක් වන Gregarious Flowering සමූහපුෂ්පී වර්ගයට අයත් උණ පඳුරුවල ලොව පුරාම ඇති එකම වර්ගයේ උණ ගස් සියල්ලේම (ඒ ඒ වර්ගය අනුව අවුරුදු 20-120ත් අතර කාලයක දී) එක්වරට මල් හට ගෙන ඉන් අවුරුදු කීපයකට පස්සේ විනාශ වනවා කියලත් එයා කිව්වා. මෙහි කෘෂි විද්‍යාත්මක පැත්ත තේරුම් ගන්න හෝ මෙහි නිවැරදිව විස්තර කරන්න මම උත්සහ නො කළත් හුදු ජනප්‍රවාදයක් ලෙස උණ ගසේ මල් හට ගන්නේ එහි විනාශය ළඟා වීමට ආසන්න වූ විට කියන සංකල්පය තමයි මම මෙතැන දී ගීතය අරුත් ගන්වා ගන්න තෝරා ගත්තේ. හැබැයි කේ. ඩී. කේ. ධර්මවර්ධන, පැරණි සිංහල සාහිත්‍යයේ එන වදන් මෙන්ම සංකල්පත් අතිදක්ෂ ලෙස ගීත රචනා තුළ යොදා ගත් ආකාරය මීට පෙර අපි දැකලා තියෙනවනේ. උදාහරණ විදියට කෝකිල සංදේශයේ එන “ඇම සඳැ වෙහෙස විඳැවිදි රන් ගිරි බෙයද” සහ “කනා ලියන් වැනි රැඳි රන් ගිරි බෙයද” වැනි යෙදුම් වලින් ආභාසය ලබා “ඇගෙ ළැම රන් ගිරි බෙයද මැදේ - මගෙ ජීවන රජ මැදුර තැනේ” වගේ රසවත් යෙදුම් අපට දායාද කළ, සැළලිහිණි සංදේශයේ එන "පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන කල - විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල” වැනි යෙදුම්වල ආලෝකයෙන් “දෙඅදර විලිකුන් සුරත් පලේ පෙම් මදිරා අයැදෙමින් සැලේ" වැනි ගීතවත් වාක්‍ය අපට ලියා දුන් කේ. ඩී. කේ. ට මේ උණ පඳුරක මල් පිපෙන කතාව ආවේ හුදු ජනවහරෙන් ද කියලා අපට ප්‍රශ්නයක් මතු වුනා. කේ. ඩී. කේ. ධර්මවර්ධනට මේ අදහස එන්න ඇත්තේ කොහොමද කියන එක ගැන හරි අදහසක් ආවේ ප්‍රත්‍ය ශතකයේ එන පහත ශ්ලෝකයෙන්. වෙනුර්ණ්ණලී කර්කටකශ්ව රම්බා විනාශකාලේ ඵලමුද්භවන්ති ඒවං නරානං මතිවිප්‍රකාරං විනාශකාලේන විපරීත බුද්ධිහ් අර්ථය: උණ ගස් ද, බට ගස් ද, කකුළුවෝ ද, කෙසෙල් ද, යන මොවුන්ගේ විනාශ කාලයේ යම් සේ ඵල හට ගනී ද, එමෙන්ම යමකුගේ විනාශයෙහි විපරිත බුද්ධිය ඇති වන්නේ ය මේ ගීතය පුරාවටම සංගීතය ගායනා විලාසය පද රචනය ආදී සෑම අංගයක් තුළින් ම හැඟෙන්නේ මේ පෙම්වතාට සිය පෙම්වතියගේ ප්‍රේමය පිළිබඳ ව මේ මොහොත වන විට ඇති වන හැඟීම් පෙන්වන සිතිවිලි පෙළක්. මෙම ගීයේ වදන් වලින් ඍජුව එකම තැනක දී හෝ නො කියවුනත් උණ පඳුරක මල් පිපීම සහ මලක් පිපිලා පෙති හැලීම කියන උපමා දෙකින් ව්‍යංගමාන වෙන දෙයින් තමයි මේ ගීතයේ මට හැඟෙන අරුතට පාදක වුනේ. පළමු උපමාව තමයි උණ පඳුර හොඳින් දලු ලා වැඩී එහි තරුණ විය ඉක්මවා එහි අවසානය වෙත ලඟා වන විට පිපෙන උණ මල. දෙවැන්න තමයි ගහක මල් පිපිලා, මලේ පරාගණය ආදී හොඳම අවස්ථාවන් පසු කර එහි පෙති හැලී පරවී යන අවසානය වෙත ළඟා වීමේ උපමාව. මේ වදන් අනුව මට හිතෙන්නේ කේ. ඩී. කේ. අපට කියන්න හදන මේ ප්‍රේමයත් එහි සුන්දරතම අවස්ථාවන් පසු කර ගෙන ගොස් අවසානය කරා ළඟා වෙන පෙර නිමිති පෙන්නුම් කරනව එකක් බව. පෙම්වතියගේ ප්‍රේමය දැන් ටිකෙන් ටික ඇල්මැරී ගෙන යන බවක් පෙම්වතාට හැඟෙනවා. පෙම්වතා තුළ පෙම්වතිය කෙරෙහි ඇති පෙමෙහි එසේ අඩුවක් නැතත් ඔහු ඇයගේ මෙම වෙනස දෙස බලන්නේ උපේක්ෂා සහගත සිතකින්. මේ උපේක්ෂා සහගත සන්සුන් ප්‍රේමය වඩාත් තීව්‍රව හදවත්වලට දැනෙන්නේ විජේසිරිවර්ධන පොලොන්නෝවිටගේ උපේක්ෂා සහගත කට හඬකින් සහ සන්සුන් ලයමානයකින් කෙරෙන ගායනය නිසා. ඉතින් කේ. ඩී. කේ. සහ පොලොන්නෝවිට සුසංයෝගයෙන් මේ ගැයෙන්නේ එසේ වෙනස් වුවායැයි ඔහුට හැඟෙන ඇගේ ආදරයේ කව් නළුව. මේ ගීතයෙන් ඔහුගේ චිත්ත සන්තානයේ ඇයගේ ප්‍රේමයේ වත්මන් අවස්ථාව ගැන ඇති වන හැඟුම් කොටස් තුනකින් කැටි කරනවා කියලයි මට හිතෙන්නේ. “උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි මලක් පිපී පෙති ‍හ‍ැලිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි” මේ වෙන කොට පවතිනා ඇගේ ප්‍රේමය, මලක් පිපී, පරාගණය වී මුදුන් මල් කඩට පැමිණි පසු එහි පෙති සැලී වියැකී යන්නාක් මෙන්, සාරවත් තුරුණු විය පසු කර උණ පඳුරක මලක් පිපී එහි විනාශයේ පෙර නිමිති පෙන්නුම් කරන්නාක් මෙන්, ඇයට දැන් එපාවී ඇති අවසානය කරා ලඟා වන පෙර නිමිති පෙන්නුම් කෙරෙනා ප්‍රේමයක්. ඇයගේ ප්‍රේමයත් තවමත් මලක් තමයි, තවමත් සුන්දරයි තමයි. ඒත් අවසානයේ මග සලකුණු පෙන්වන උණ මලක්. “ඇරඹුම අවසන කොතැනද - නොදැනයි මඳ නල දිව යන්නේ කොතැනක විසිරී යනවද - නොදැනයි මේකුළු පාවෙන්නේ” අද පවත්නා ඇගේ ප්‍රේමය ඉලක්කයක් නැති, අරමුණක් නැති, ආදරේ කරන්නේ ඇයි ද කියලා නො දන්නා, ඔහේ ගලා ගෙන යන වර්ගයේ ආදරයක්. වෙන විකල්පයක් නැති නිසා කරන ප්‍රේමයක්. ඒ පෙමත් හරියට ස්වභාවධර්මයේ බලවේගයන් මත කොහේ යනවා දැයි නො දැන සුර මග ඔස්සේ ඔහේ හමා යන සුෂිරය වගේ. රැඳෙන්නේ කොතැනක ද කියා නො දැන අයාලේ යන පයෝධර පෙළක් වගේ. “යා යුතු වෙනතක් නැතිව ද - රළ පෙළ වෙරළට දිව එන්නේ බැහැ කියන්න බැරි හින්දද - මා හා ඔබ හිනැහී යන්නේ” Exceeded word Limit

Comments