Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб පංච නීවරණ ධර්ම ( ගයාන් චානුක විදානපතිරණ ) в хорошем качестве

පංච නීවරණ ධර්ම ( ගයාන් චානුක විදානපතිරණ ) 10 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



පංච නීවරණ ධර්ම ( ගයාන් චානුක විදානපතිරණ )

බුද්ධ ධර්මයේ පංච නිවාරණ ධර්ම යනු සාර්ථකත්වයට බාධා කරනු ලබන හා නිර්වාණයට මඟ අවුරණ ඍණාත්මක මානසික තත්ත්වයන්ය. මේ තත්ත්වයන් නම්, කාමච්ඡන්ද :- පංචේන්ද්‍රයන් පිනවීමට දැඩි සේ ආශා කිරීම. ව්‍යාපාද :- අනෙක් අය පිළිබඳව ඇති ද්වේශ සහගත හැඟීම තීනමිද්ධ :- මානසික ඒකාග්‍රතාවක් නොමැති වීම හෙවත් අලසබව උද්ධච්ඡ කුක්කුච්ඡ :- මනස සංසුන් කර ගැනීමේ නොහැකියාව හෙවත් නොසංසුන් බව විචිකිච්ඡා :- විශ්වාසය අඩුකම හෙවත් සැකය පාලි ධර්ම ග්‍රන්ථවල සංයුක්ත නිකායේ මෙම පංච නීවරණ ධර්ම සමීපයෙන්ම නිර්වාණය ළඟා කර ගැනීමද උපකාරී වන සප්ත භොජ්ජංග දේශනා කර ඇත. උදා: ලෙස සංයුක්ත නිකායේ මෙලෙස සඳහන් කර ඇත. “භික්ෂුණී මනස දූෂණය කරන හා ප්‍රඥාව ළඟා කර ගැනීමට බාධා පමුණුවන නීවරණයන් හෙව් බාධකයන් 5ක් පවතී.ඒවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ,උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා වේ.එසේම භික්ෂුණි නිර්වාණය ළඟා කර ගැනීමට හේතු වන සාධක 7 ක් පවතී. මේවා මනස දූෂණය නොකරයි. බාධාකාරී නොවේ. මේවා දියුණු කළ විට සත්‍ය අවබෝධ කර ගැනීමට මාර්ගය පෙන්වනු ලබයි.එම හත නම්, සති, ධම්මවිජය, වීර්යය, ප්‍රීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන්නයි.” සතිපට්ඨාන සූත්‍රයට අනුව ඉහත පංච නීවරණ ප්‍රහීණය කරමින් ධ්‍යාන වැඩීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. ‍ “මේ අන්දමට භික්ෂුව පංචනීවරණ ධර්මයන්හි නුවණින් බලමින් වාසය කරයි. ඔහු තමා තුළ කාමච්ඡන්දය ඇත්තේ යැයි තමා තුල ඇති කාමච්ඡන්දය දැනගනී. ඔහු තමා තුල කාමච්ඡන්දය නැත්තේ යැයි තමා තුල නැති කාමච්ඡන්දය දැනගනී. නූපන් කාමච්ඡන්දයන්ගේ ඉපදීමද උපන් කාමච්ඡන්දයන්ගේ ප්‍රහාණයද, ප්‍රහීන වූ කාමච්ඡන්දයන්හි නැවත නොඉපදීමද ඔහු දැන ගනී.”

Comments